බොනවනං මෙහෙම බොමු……!!

අද කතා කරන්නෙ බොන එක පිලිවෙලකට කරන්නෙ කොහොමද කියල…ඒ කියන්නෙ ඇඟට අවම බලපෑමක් වෙන විදිහට…..
දශක කීපයක ඉඳං ඇල්කොහොල් එක්ක ලඟ සම්බන්දයක් තියෙන නිසා මගේ අත්දැකීම් බෙදාගන්නව…බොන්නෙ නැත්තං, ඒ මදිවට බොන එවුං එක්ක පට්ට තරහකුත් තියෙනවනං දෙයියනේ කියල මේක උඩට යවල අනික් පෝස්ට් එකට යන්න….🤗🤗

1. සෙට් වෙන්න කලිං ටිකක් ප්ලෑන් කරන්න…ඇල්කොහොල් 1g වල කැලරි 9ක් තියෙන නිසා සෙට් වෙන දවසට වෙනදට කන ප්‍රමානයට වඩා අඩුවෙං කන්න…හැබැයි හිස්බඩ ගසන්න යන්නත් එපා…පොඩ්ඩක් කාලා සෙට් වෙන්න…

2. වියායාම කරල පැය 2-3කින් වගේ නං සෙටමෝල් එක තියෙන්නෙ වෙනද බොන ගාන එදාට බොන්න බෑ…දෙක දැම්මම වදිනව..ඇඟ මහන්සිවෙලා නිසා…ඒක නිසා හොඳටම හෙමිං නවන්න…..වෙනදට වඩා වැඩිපුර ෂැන්ඩි දාගන්න…

3. බොන ගමං සීනි පිටි නැති බයිට් වලට යන්න…සීනි වලිං ඇඟේ ඉන්සියුලීන් මට්ටම වැඩි කරල සෛල බිත්තිවලින් උරා ගැනීම වැඩි කරනව…එතකොට ඒ වෙලාවට කනබොන හැම ජරාවම ලේසියෙන් උරාගන්නව…

4. ෂොට් දෙකක් අතරට සීතල වතුර ෂොට් එකකුත් ගන්න…එතකොට පාලනය අපේ අතේ තියාගන්න ලේසියි…

5. ෂැන්ඩි කරන්න සීනි පුරෝපු coke, sprite වගේ ඒවා වෙනුවට වතුර සහ අයිස් වලට මාරැ වෙන්න…රස නොමරා රස විඳින්න…!

6. හෙමිං බොන්න…බෝතලේ ඉවරවෙයි කියල මර බයකින් ලඟ නවන්න එපා…කබරයෙක් ගියාම බීපු ටික තමංටත් නෑ වටේ ඉන්න අසරනයන්ටත් නෑ…පාටියත් චොර…

7. බෝතල් කොච්චර තිබ්බත් තරඟෙට බොන්න යන්න එපා…වැඩියෙන්ම බොන්නෙ මං කියන ගොං පොරත්වෙං අයිං වෙන්න…වටේ එවුං එහෙම අං තට්ටුවක් දාන්න හැදුවට අහුවෙන්න එපා…අපිට ඇති ගානනෙ අපි බොන්නෙ…ඒ වගේම එහෙම අං තට්ටු දාගත්ත එවුංව ෆෝම් කරලා පවු පුරෝගන්නත් එපා…🤗

8. බීලම නැති බ්‍රෑන්ඩ් එකක් නං පරිස්සමිං බොන්න…නොදන්න වැවක නාන්න ගියා වගේ තමයි…බහින තැනම වලක් තියෙන්නත් පුලුවං…

9. එදාම සෙට් වෙන දන්නෙම නැති එවුං දාලා ගේන ෂොට්නං බොන්නම එපා….ඒ තරං භයානකයි…

10. බීල ඉවරවෙලා සිහියක් තියෙනවනං ටිකක් කාලම නිදාගන්න…හැබැයි වෙරි මරගාතෙ පිස්සා වගේ අතට අහුවෙන හැමදේම කන්න එපා…කෑම ටිකක් කන්න…ඩෙසර්ට් නැත්තං වඩා හොඳයි….

11. ඇඳ ගාවම තඩි වතුර එකක් තියාගන්න…නිදාගන්න කලිනුත් රෑ ඇහැරැනාමත් පුලුවං තරං වතුර බොන්න…

12. මේ සේරම කරලත් පහුවදාට බඩු බනිස්නං (hangover) කරන්න පුලුවං ලේසිම සහ ඉක්මන්ම recovery වැඩේ තමයි….සීනි නැති black coffee එකක් හරි (බඩ දනවනං වතුර හරි) බීල පැය බාගයක් හොඳට දාඩිය දාන්න ඇවිදින්න…ඒ වෙලාවට මේ වැඩේට හිත හදාගන්න පට්ට අමාරැයි, හැබැයි පැය බාගෙං ආයිමත් අලුත් කෙනෙක්….(ඕනෙනං ආයි බොතහැකි..🤗🤗)

Varuna

Leave a comment

Your email address will not be published. Required fields are marked *